වින්ඩෝස් ෆෝන් එකේ කෘතීම බුද්ධිය Cortana අවදි කරමු

   
 මේ කියන්න හදන්නේ වින්ඩෝස් ෆෝන් එකට (8.1) ආවේනික වෙන කෘතීම බුද්ධියක් වන cortana ගැන කතා කරන්න. මෙයා අපි කතා කරන ඒවාට ප්‍රතිචාර දක්වනවා. සමහර ඒවා ඉන්ටර්නෙට් එකෙන් හොයලා දෙනවා. අපිට ගොඩක් උදව් කරනවා. දන්නැති දේවල් ඉක්මනට හොයා ගන්නත් පුළුවන් මෙයා හරහා. මෙයා ඉස්සෙලලාම අපේ විස්තර ටිකක් ගන්නවා. ඊට පස්සේ අපේ නමින් තමා මෙයා අමතන්නේ. apple වල ආපු සිරි ඒක ගැන අහලා ඇතිනේ. මෙයාට ඊට වඩා වැඩ පුළුවන්. අපේ විවිධ දේවල් මතකයේ තබාගෙන අපිට ඕන වෙලාවට ලබා දෙන්නත් මෙයාට පුළුවන්. සමහර අයට වින්ඩෝස් ෆෝන් එකක් තිබුනට cortana ඇක්ටිව් වෙලා නැතුව ඇති.
   ඉතින් අපි බලමු මුලින්ම කොර්ටනා ඇක්ටිව් කර ගන්නේ කොහොමද කියලා. ඒකට ෆෝන් එකේ සෙටින්ස් ටිකක් හදා ගන්න ඕන.

ඉස්සෙල්ලාම  Settings ----- Key bords වලට ගිහින්  Key bord ඒක විදිහට English (United States) තෝරන්න. 


ඊට පස්සේ, languages ඒක විදිහටත් English (United States) තෝරන්න.



 ඊළඟට Region වල Country/Region එකට United States තෝරන්න. 



මේවා තෝරනකොට ෆෝන් ඒක Restart වෙන්න හැදුවොත් ඒකට ඉඩ දෙන්න. ඊළඟට Speech වලට ත් English (United States) දෙන්න ඕන.
 
  ඔන්න දැන් හරි. ඔයාගේ වින්ඩෝස් ෆෝන් එකේ ඩේටා ඕන කරලා ලොකේෂන් ඒක ඕන් කරපු ගමන් කොර්ටනා සුපිරියටම වැඩ. එහෙනම් තවත් වැඩකින් හමුවෙමු. ජයවේවා.

0 comments: