ෆොටෝ කොපි photo

 අද කාලයේ අධ්‍යාපනය ලබන කාටත් ඕන වෙන දෙයක් තමයි කියන්න යන්නේ. වින්ඩෝස් phone එකෙන් ෆොටෝ කොපි ගහන හැටි
  whiteboard ඒකක හරි පොතක හරි තියන දෙයක් ඉක්මනට ලියා ගන්නවා වෙනුවට ඉක්මනට ෆොටෝ ගහන්න ක්‍රමයක් තමයි මේක.                      සාමාන්‍ය කැමරාවකින් මේ දේ කරන්න ගියොත් හරි අමරුයිනේ.
 
    අපිට ඕන whiteboard ඒකක තියන දෙයක් නම් හරියටම කෙලින්ම කැමරාව අල්ලන්නේ නැතුව පැත්තක ඉදනුත් මේ ක්‍රමයෙන් ෆොටෝ ගහ ගන්න පුළුවන් .

මේක තමයි office lens

office lens ඒක store එකට ගිහින් බාගන්න,

    board ඒකක තියන දෙයක් මේක හරහා අපි පැත්තකින් පොටෝ ගැහුවත් , ඉස්සරහෙන් ගැහුවා වගේ zoom වෙලා එනවා. මේක දාගෙනම බලන්නකෝ.

මේක පාවිච්චි කරලා
Photo
Business card
Whiteboard
Document

කියන ඕනෑම type ඒකක ඒවා ලේසියෙන්ම photo ගහ ගන්න පුළුවන්.

මේවා බලන්නකෝ












කැමති සින්දුවක් ringtone එකට දාගන්න.

     
 
  windows ෆෝන් පාවිච්චි කරන අයට තියන ලොකු ගැටලුවක් තමයි, තමන් කැමතිම අලුත්ම සින්දුව ringtone එකට දා ගන්න බැරි එක. සමහර අය UC browser එක හරහා දාගන්නවා.  හැබැයි අපිට ඒක ලේසියෙන්ම කරන්න පුළුවන්.
   තමන්ට ringtone එකට දාගන්න ඕන සින්දුව මුලින්ම චිප් එකට හරි ෆෝන් මෙමරියට හරි දාගන්න. දැන් පහත උපදෙස් පිළිපදින්න.

store එකට ගිහින් ringtone maker search කරලා ඉන්ස්ට්‍රෝල් කරගන්න.


 


open කලාම මේ වගේ වින්ඩෝ එකක් පෙනෙයි.


ඊට පස්සේ පහත පරිදි සින්දුවක් තෝරාගන්න.



ඊළගට තමන්ට කැමති පරිදි time ඒක වෙනස් කරගන්න පුළුවන්. play කරලා බලන්නත් පුළුවන්. ඊට පස්සේ save කරගන්න.


දැන් හරි සලකුණ ක්ලික් කරන්න.


 දැන් ringtone වලට ගිහින් බලන්න. ඔයාලා add කරගත්ත song ඒක දැන් පෙන්නනවා.


එහෙනම් තවත් ලිපියකින් හමු වෙමු.
ජය වේවා ...................

මොබයිල් එකෙන් Screen shot ගන්න.

                                                          ඔයාලගේ windows මොබයිල් එකෙන් Screen shot ගන්න විදිහ තමයි අද කියන්න. හදන්නේ. මේකනම් පට්ටම වැඩක්. ඒ වගේම ගොඩක් ලේසියි. ඔයාලට Screen shot එකක් ගන්න ඕන තැනට ගිහිල්ලා power button එකයි volume up key එකයි දෙකම ඒක වර press කරන්න. වැඩේ ඉවරයි. ඔයාලගේ එවෙලේ screen එකේ photo එකක් save වෙනවා. කරලම බලන්න.


වින්ඩෝස් ෆෝන් එකේ කෘතීම බුද්ධිය Cortana අවදි කරමු

   
 මේ කියන්න හදන්නේ වින්ඩෝස් ෆෝන් එකට (8.1) ආවේනික වෙන කෘතීම බුද්ධියක් වන cortana ගැන කතා කරන්න. මෙයා අපි කතා කරන ඒවාට ප්‍රතිචාර දක්වනවා. සමහර ඒවා ඉන්ටර්නෙට් එකෙන් හොයලා දෙනවා. අපිට ගොඩක් උදව් කරනවා. දන්නැති දේවල් ඉක්මනට හොයා ගන්නත් පුළුවන් මෙයා හරහා. මෙයා ඉස්සෙලලාම අපේ විස්තර ටිකක් ගන්නවා. ඊට පස්සේ අපේ නමින් තමා මෙයා අමතන්නේ. apple වල ආපු සිරි ඒක ගැන අහලා ඇතිනේ. මෙයාට ඊට වඩා වැඩ පුළුවන්. අපේ විවිධ දේවල් මතකයේ තබාගෙන අපිට ඕන වෙලාවට ලබා දෙන්නත් මෙයාට පුළුවන්. සමහර අයට වින්ඩෝස් ෆෝන් එකක් තිබුනට cortana ඇක්ටිව් වෙලා නැතුව ඇති.
   ඉතින් අපි බලමු මුලින්ම කොර්ටනා ඇක්ටිව් කර ගන්නේ කොහොමද කියලා. ඒකට ෆෝන් එකේ සෙටින්ස් ටිකක් හදා ගන්න ඕන.

ඉස්සෙල්ලාම  Settings ----- Key bords වලට ගිහින්  Key bord ඒක විදිහට English (United States) තෝරන්න. 


ඊට පස්සේ, languages ඒක විදිහටත් English (United States) තෝරන්න.



 ඊළඟට Region වල Country/Region එකට United States තෝරන්න. 



මේවා තෝරනකොට ෆෝන් ඒක Restart වෙන්න හැදුවොත් ඒකට ඉඩ දෙන්න. ඊළඟට Speech වලට ත් English (United States) දෙන්න ඕන.
 
  ඔන්න දැන් හරි. ඔයාගේ වින්ඩෝස් ෆෝන් එකේ ඩේටා ඕන කරලා ලොකේෂන් ඒක ඕන් කරපු ගමන් කොර්ටනා සුපිරියටම වැඩ. එහෙනම් තවත් වැඩකින් හමුවෙමු. ජයවේවා.

සිංහල සබ් එක්ක වින්ඩෝස් ෆෝන් එකෙන් ෆිල්ම් බලමු. (CCplayer)

 
කට්ටියටම සුභ දවසක් වේවා. මේ පටන් ගන්නේ වින්ඩෝස් මොබයිල් පාවිච්චි කරන අයට සපෝර්ට් එකක් දෙන්න. කාගෙත් තියන මතයක්නේ වින්ඩෝස් වලට ඇප්ලිකේෂන් අඩුයි කියලා. හැබැයි එහෙම ලොකුවට ප්‍රස්නයක් නෑ. Android වල වගේම හා සමහර වෙලාවට ඊටත් වඩා වැඩියෙන් දේවල් මේකේ තියනවා.
    අපි ඉස්සෙල්ලාම බලමුකෝ සබ් එක්ක ෆිල්ම් එකක් බලන්නේ කොහොමද කියලා වින්ඩෝස් ෆෝන් එකේ. ගොඩක් අය Android වල නම් පාවිච්චි කරන්නේ MX එකනේ. අපිටත් ඒක පාවිච්චි කරන්න පුළුවන්. ඒත් ඊට වඩා වැඩ කිඩ තියන PLAYER එකක් තියනවා අපිට. CCplayer එක කියන්නේ සබ් එක්ක සෙල්ලම් කරන්න පුළුවන් සුපිරිම භාණ්ඩයක්. මේකේ වැඩ ගොඩක් තියනවා.







 සබ් වල සයිස් වෙනස් කර ගන්න, සබ් තැන් තැන් වලට අදින්න වගේ ඒවා. සබ් ෆයිල් එක දාද්දි ඒක ෆිල්ම් එකේ නමින්ම RENAME කරන්නත් අමතක කරන්න එපා ඕන්. Store එකට ගිහින් CCplayer කියලා හොයලා දාගෙන බලන්න එහෙනම්.

  අපි තවත් වින්ඩෝස් ෆෝන් එකට අලුත් දෙකින් හමුවෙමු. ජයවේවා...........

වැඩි විස්තර